Home විදෙස් පුවත් බයිඩන්ගේ ජයග්‍රහණය පිළිගන්නවද ? නැද්ද ?

බයිඩන්ගේ ජයග්‍රහණය පිළිගන්නවද ? නැද්ද ?

0
බයිඩන්ගේ ජයග්‍රහණය පිළිගන්නවද ? නැද්ද ?

පසුගියදා පැවති අමෙරිකානු ජනපතිවරණයෙන් ජෝ බයිඩන්ගේ මැතිවරණ ජයග්‍රහණය තමන් පිළිගන්නේ නැති බවත්, මැතිවරණයේ දූෂණ සිදු නොවූ බව තහවුරු කිරීමට නම් කොමිසමක් පත් කළ යුතු බවත් පවසමින් බයිඩන්ගේ මැතිවරණ ජයග්‍රහණය ආපසු හැරවීමේ අවසාන උත්සාහයට අමෙරිකාවේ සෙනෙට් සභිකයෝ පිරිසක් උත්සාහ දරයි.

 

ටෙඩ් කෲස්ගේ නායකත්වය යටතේ සෙනෙට් සභිකයන් 11ක් මැතිවරණ ප්‍රතිඵල විගණනය කිරීමට දින 10ක පමාවක් අවශ්‍ය බව කියති. කෙසේ වෙතත් සෙනෙට් සභිකයන්ගේ බහුතරය ජනවාරි 6 වැනි දා ජෝ බයිඩන්ට සහාය ලබා දීමට තීරණය කිරීමත් සමඟ මේ උත්සාහය ව්‍යර්ථ වනු ඇතැයි විශ්වාස කෙරේ. ජනාධිපති ට්‍රම්ප් පරාජය පිළි නොගනිමින් නිරන්තරයෙන්ම මැතිවරණ දූෂණ සිදු වූ බව පවසතත් එය තහවුරු කිරීමට සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත්ව සිටියි.

මේ අතර ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය ආපසු හැරවීම සඳහා ඡන්ද 11,780ක් සොයා ගැනීමට අවශ්‍ය බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජොර්ජියා ප්‍රාන්තයේ මැතිවරණ නිලධාරීන්ට කළ ප්‍රකාශයක් අනාවරණය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයා එහිදි ප්‍රකාශ කර ඇත්තේ තමා එම ප්‍රාන්තය ජයගෙන ඇති බවය.

‘වොෂිංටන් පොස්ට්’ මගින් අනාවරණය කර ඇති අදාළ හඬපටය අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලීම අදාළ නිලධාරියා ප්‍රතික්ෂේප කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here