පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව ශ්‍රී ලාංකේය අධිකරණ ඉතිහාසයේ නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට මහෝපකාරී වූ සුවිශේෂ නඩු තීන්දුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.
එම සංගමයේ ලේකම් නීතිඥ අතුල ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ අත්සනින් නිකුත් කර තිබෙන නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.
“ප්රජාතන්ත්රවාදය පිළිගන්නා ඕනෑම ශිෂ්ට සමාජයක රාජ්‍ය පාලනයේ ප්‍රධාන මර්මස්ථානය වන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයයි. මෙකී ආයතන ස්වාධීනව ක්‍රියාත්මක විය යුතුවා මෙන්ම ඒවායේ ස්වාධීන පැවැත්ම තහවුරු කිරීම රාජ්‍යයක ජීවනාලිය පවත්වාගෙනයාම උදෙසා අත්‍යවශ්‍ය කාරණාවන් වේ. විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීන පැවැත්මට විධායකය හා ව්‍යවස්ථාදායකය මැදිහත් නොවිය යුතු අතර, ඒ සම්බන්ධ බාධාවන් පවතින්නේ නම් එකී බාධාවන් පාලනය කිරීම ද විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ මඟ හැරිය නොහැකි වගකීමක් වන්නේය.