සිටි බස් සේවාව අද සිට අරඹයි

Share

සිටි බස් අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද(15) දින සිට ආරම්භ කෙරේ.

 

කොළඹ නගර ආශ්‍රිතව පවතින අධික වාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කෙරෙන්නේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙනි.

බස්රථ 25ක් යොදා ගනිමින් පළමු පියවර ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.

ඒහි පළමු අදියර යටතේ කොළඹ ප්‍රදේශය අවට කාර්යාලවල රාජකාරී සඳහා ගමන්කරන මගීන් වෙනුවෙන් මාකුඹුර සිට පිටකොටුව දක්වා බස්රථ සේවාව ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Read more

Local News