ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය කරමින් තිබූ බස් රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.
අද උදෑසන කොස්ගොඩ ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18ක් එලෙස අදාළ නිලධාරීන් භාරයට ගත් බව පොලිසිය සදහන් කළේය.
මේ වන විට අදාල බස් රථය ධාවනය කළ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බස් රථය ධාවනය කරන අතරතුර විවිධ ස්ථානවලදී මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි.
27 හැවිරිදි අදාළ පුද්ගලයා ඉන්දියාවේ දී මියගිය බව පැවසෙන අංගොඩ ලොක්කා නැමැති අපරාධකරුගේ ගෝලයෙකු වන ලැටී නැමැත්තා පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ අයෙක් බවට වැඩ්දුරටත් වාර්තා වෙයි.