සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව වැඩි කිරීම සඳහා යොදවා ඇති පුහුණුව ලත් ගුවන් සුනඛ බල ඇණියට තවත් ගුවන් සුනඛයන් 20ක් එක් කිරීමට පියවර ගෙන තිබේ.
අස්ගිරිය ශ්‍රී ලංකා පොලිස් පුහුණු පාසලේදී මෙම සුනඛයින්ට විශේෂ පුහුණුවක් ලබා දී ඇත.
ඒ අනුව ගුවන් භාණ්ඩ ලෙස සහ ඇතැම් මගීන් විසින් රැගෙන යනුු ලබන ගමන් මලුවල රහසිගත ලෙස රැගෙන යා හැකි පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය පහසුවෙන් හඳුනාගත හැකි වන පරිදි මෙම සුනඛයින් පුහුණු කර තිබේ.
තවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, රාජකාරි ඇරඹීට පෙර මෙම සුනඛයින් අන්තරායකර ඹෟෂධ පාලන මණ්ඩලය විසින් සත්‍ය නියැදි යොදාගනිමින් ද පවත්වන ලද ප්‍රායෝගික පරීක්ෂණයකට ද මුහුණ දුන් බවයි.
ඒ අනුව මෙරටදී එවැනි පරීක්ෂණයකට බදුන් වූ පළමු අවස්ථාව මෙය වන අතර මෙම සුනඛ කණ්ඩායම ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් සඳහා අවැසි පුහුණු කටයුතු නිමකර විසිර යාමේ උත්සවය පසුගිය දා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණ.





