බස්නාහිර පළාතෙන් දෙසැම්බර් 21 වැනිදා සිට මේ දක්වා පිටතට යන පුද්ගලයින් සඳහා කළ අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලින් 103 ක් කොරෝනා රෝගීන් ලෙස හඳුනාගෙන තිබේ.
බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක දී එම පරීක්ෂණ සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.



