නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද රුපියල් මිලියන 300ක් වටිනා කරුංකා කන්ටේනර් 23ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම කරුංකා තොගය ඉන්දුනිසියාවේ සිට මෙරටට ආනයනය කර ඇති ඇත්තේ ව්‍යාජ ලේඛන සකස් කරමින් ඉන්දියාවට ප්‍රතිඅපනයන කිරීමේ අරමුණින් බවයි.
කරුංකා තොගය සමග 39 හැවිරිදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.