Home දේශීය පුවත් යුද හමුදාපතිට විශේෂ සම්මානයක්

යුද හමුදාපතිට විශේෂ සම්මානයක්

0
යුද හමුදාපතිට විශේෂ සම්මානයක්

කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ කාර්ය සාධන බළකායේ ප්‍රධානියා ලෙස නායකත්ව ගති ලක්ෂණ සහ අභියෝගාත්මක භූමිකාව ගෞරවයට පාත්‍ර කරමින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශංසනීය සමාගම්-2020‘ සම්මාන උලෙළේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත විශේෂ සම්මානයක් පිරිනමනු ලැබීය.

 

‘ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශංසනීය සමාගම් – 2020‘ වෙත සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය දා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සමාගම් අතර වඩාත් කැපී පෙනෙන සමාගම් තම කොටස් හිමියන්, ගනුදෙනුකරුවන්, සේවකයන් සහ පොදුවේ ප්‍රජාව සඳහා කරනු ලබන සුවිශේෂි පිළිගැනීම වෙනුවෙන් පිරිනමනු මේ සම්මාන ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL), වරලත් ගණකාධිකාරි කළමනාකරණ ආයතනය (CIMA) සහ මාධ්‍ය ආයතනයක් එක්ව සංවිධාන කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here