සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍රවල ගැටලු සංශෝධනයට අවස්ථාව

Share

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින්ගේ විභාග ප්‍රවේශපත්‍රවල පවතින ගැටලු විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය තුළින් සංශෝධනය කරගැනීම සඳහා අවස්ථාව ලබාදී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

 

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විභාග කාර්යමණ්ඩල පුහුණු කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කරඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මාර්තු මස 01වන දින සිට සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කරඇති බවත් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වනපරිදි විශේෂ විභාග මධ්‍යස්ථාන 02 ක් පිහිටුවීමට ද සැලසුම් කරඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

Read more

Local News