ඇමති ගම්මන්පිල තෙල් මිල ගැන කළ ප්‍රකාශය

Share

ඉන්දියාවට පවරාදී ඇති ත්‍රීකුණාමල තෙල් ටැංකි වත්මන් රජය ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡාකර එම තෙල් ටැංකිවලින් බහුතරයක් ඛනිජ තෙල් සංස්ථාවට ලබාගැනීමට කටයුතු කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කළේය.

 

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේ දී හේෂා විතානගේ මන්ත්‍රීවරයා කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

මේ අතර ඉන්ධන මිල ඉදිරි මාස 3ක කාලය තුළ ඉහළ දැමීමේ සුදානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ වත්මන් රජය යටතේ මේ දක්වා ඉන්ධන මිල ඉහළ නැංවීමක් සිදුකර නොමැති බවයි.

Read more

Local News