Home දේශීය පුවත් පියයුරු පිළිකා රෝගීන්ගේ වැඩි වීමක්

පියයුරු පිළිකා රෝගීන්ගේ වැඩි වීමක්

0
පියයුරු පිළිකා රෝගීන්ගේ වැඩි වීමක්

ශ්‍රී ලංකාවේ වසරකට පිළිකා රෝගීන් 17000ක් පමණ අලුතින් වාර්තා වන අතර, ඉන් 2500ක්ම පියයුරු පිළිකා රෝගීන් වන බව විශේෂඥ වෛද්‍ය නයනා ද අල්විස් මහත්මිය පැවසුවාය.

ඊයේ (19) දින ලෝක පියයුරු පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඇය මේ බව සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු එතුමිය, “ අද වනවිට අපේ රටේ කාන්තාවන් අතර බහුලවම වාර්තා වන පිළිකාව වන්නේ පියයුරු පිළිකාවයි. පියයුරු පිළිකාව මුල් අවස්ථාවේ හදුනාගෙන ප්‍රතිකාර සදහා යොමු වුවහොත් සම්පුර්ණ පියයුර ඉවත් නොකර වඩාත් සරල ශල්‍යකර්ම ක්‍රම මගින් පිළිකාව පමණක් ඉවත් කොට වඩාත් ගුණාත්මක ජිවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙන බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here