ජපන් භාෂා ප්‍රවීණතාවය නොමැති 1000කට ජපානයේ රැකියා අවස්ථා කඩිනමින් ලබාදෙන්න – කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ජපානයෙන් ඉල්ලීමක් කරයි.
ජපන් භාෂ ප්‍රවීණතාවයක් නොමැති, පාසල් හැර ගිය ළමුන් දහසකට ඉදිරි මාස කිහිපය තුළ ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙරට ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී Katsuki Kotara මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.



