පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලිබල උත්පාදනයට දායක කර ගැනීමේදී පවතින ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා වූ සාකච්ඡාවක් ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
සූර්ය බලයෙන් විදුලි උත්පාදනය ලොව බොහෝ රටවල ප්‍රධාන උපාය මාර්ගයක් වී තිබෙනවා.
එය අනුගමනය කරමින් පවතින විදුලි අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස වහල මත සවිකරන සූර්ය පැනල පද්ධති යොදා ගැනීම සිදු විය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.



