ගාලු මුවදොර ආදරයේ අරගලයට අදට දින 54යි.
මේ අතර මැයි නවවෙනිදා සිදුවූ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අරගලයට පහර දීමේ සිද්ධියෙන් පසු රට පුරා ඇති වූ කලහකාරී සිද්ධීන්වලට අදාළව 984 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.



