අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර් දුමින්ද සිල්වා බන්ධනාගාර නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා බන්ධනාගර නිලධාරීන් භාරයේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි සඳහන් වන්නේ. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා විසින් ප්රදානය කළ සමාව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පසුගියදා නිකුත් කළා.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත නියෝග කළේ, ඔහු යළි සිරභාරයට ගන්නා ලෙසයි.



