ආපදා අවවාද නොතකා ක්‍රියා කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මකයි

Share

ගංවතුර තත්ත්වය තරමක් පහව ගොස් ඇතත් නිරිත දිග මෝසම් වර්ෂාව තවමත් පහව ගොස් නැති බවත් වර්ෂාව හේතුවෙන් ඇතිවූ මාර්ග අයිනේ ඇති දිය කඩිති ,කඳු පාමුල ඇති දිය ඇලිවලින් විනෝදය සදහා මත්පැන් පානය කරමින් දිය නෑමට ,ජල ක්‍රීඩා කිරීමට නොයන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික )සුදන්ත රණසිංහ මහතා ඉල්ලා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ,වත්මන් කාලගුණික තත්ත්වය සහ ආපදා සහන ක්‍රියාවලිය යන මැයෙන් (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි .

අවවාද නොතකා යම් කණ්ඩායම් ක්‍රියා කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් 117 දුරකථන අංකය අමතා තොරතුරු ලබාදීමට කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිට් ඒ මහතා , එම පුද්ගලයන් හා පිරිස් සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර නීතිය ක්‍රියාත්මක කරන බවද පැවසීය.

Read more

Local News