21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අදත් පැවැත්වෙනවා.
ඒ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන්.
මෙම සාකච්ඡාව සඳහා පක්ෂ නායකයින්ද සහභාගී වීමට නියමිතයි.
විසි එක්වන ව්‍යවස්ථා සංශෝධනය, එළඹෙන සඳුදා දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන අතර අද දිනයේදී සිදුවන්නේ, මේ පිළිබඳව පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණි මේ අතර පක්ෂ දහයේ නායකයින් අතරද ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, රටේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මේ වන විට කතාබහට ලක් කළ යුතු බවයි.



