ජලභීතිකා මානව එන්නත හිඟයෙන් ඇති වන ගැටලු නිරාකරණය කරගැනීමට ජලභීතිකාව වළක්වා ගැනීම සඳහා සතුන්ට ලබාදෙන එන්නතේ හිගයක් නොමැති බැවින් හැකි අයුරින් මෙම අවස්ථාවේ ගෘහාශ්‍රිතව සිටින සියලුම සුරතල් සතුන්ට ජලභීතිකා එන්නත ලබාදීම සුදුසු බව මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ඩී. කිත්සිරි මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සදහන් කළේ, ඊයේ (03) ජලභීතිකා එන්නත සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමිනි.



