චීනය පරිත්‍යාග කළ ඖෂධ තොගය දිවයිනට

Share

අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට සම්පූර්ණයෙන්ම ලෙඩ ඇඳට වැටී අවසන්.

හැම රෝහලකම වගේ ඖෂධවල බරපතල හිඟයක් පවතිනවා. එක දවසක් හරි ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අහිංසක රෝගීන්ට දැන් ඒ බලාපොරොත්තුවත් අතහැර ගන්න සිද්ධ වෙලා.

ජනතාව මොනවා නැති වුණත්, බලධාරීන්ට නම්, හැමදේම ළඟටම ලැබෙන නිසා, වගේ වගක් නැහැ. සහල් ඇතුළු අත්‍යවශය භාණ්ඩ ලෝකයේ හැම රටකින්ම සිඟමන් යදිනවා වගේ දැන් බෙහෙත් පෙත්තක් ඉල්ලන්න ලෝකයේ රටවල් ඉස්සරහ නතර වෙන්න අපට සිද්ධ වෙලා.

අපේ ඖෂධ හිඟය මගහරවා ගන්න උපකාර කිරීමට බොහෝ රටවල් මේ වන විට ඉදිරිපත් වී සිටිනවා.

මේ අතර චීන රජය විසින් පරිත්‍යාග කළ අත්‍යවශය ඖෂධ දාහතරක් ඇතුළු ඇමරිකානු ඩොලර් මිලියන විසි අටක් වටිනා තවත් ඖෂධ සහ උපකරණ තොගයක් අද දිවයිනට රැගෙන විත් තිබෙනවා.

Read more

Local News