කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

Share

අද කොළඹ 01 සිට 10 දක්වා සහ කඩුවෙල යන ප්‍රදේශවලට අඩු පීඩනයක් සහිතව ජලය සපයන බව ජාතික ජල සම්පාදන සහ ජලපවහන මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය පවසන්නේ අද (04) රාත්‍රී 09 සිට හෙට උදෑසන 06 දක්වා මෙලෙස එම ප්‍රදේශ වෙත අඩුපීඩනයක් යටතේ ජලය සපයන බවයි.

කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල, තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙණිය, නුගේගොඩ, පාගොඩ, විජේරාම යන ප්‍රදේශ සහ නුගේගොඩ මංසන්ධියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාල දක්වා ඇති මාර්ගයේ ජල සැපයුම අද (04) රාත්‍රී 10 සිට හෙට අලුයම 05 දක්වා ද විසන්ධි කිරීමට නියමිතයි.

Read more

Local News