ඩීසල් හිඟය හේතුවෙන් පාසල් ළමුන් ප්රවාහනය කළ හැක්කේ දින දෙකක කාලයක් පමණක් බවයි ප්රවාහන සේවා සංගම් පවසන්නේ.
පවතින තත්වය හමුවේ පාසල් ප්රවාහන ගාස්තු සියයට හතළිහකින් පමණ ඉහළ දැමීමට සිදුවන බවද එම සංගම් පෙන්වා දෙනවා.
ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් පොලිසියේ රථ වාහනවලට ඉන්ධන නිකුත් කිරීමටද සීමා පනවා තිබෙනවා.
ඉන්ධන හිඟය හමුවේ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක් වසා දමා තිබෙනවා. එහෙත් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් අදත් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා.
ඩීසල් හිඟය හමුවේ ධාවනය සීමා කෙරුණු පෞද්ගලික බස් රථ ඉන්ධන පෝලිම්වලට ගාල් කර තිබෙනු ද දක්නට ලැබුණා.



