තම නිල කාලය අවසන් වනතුරු තමා ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නේ නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
අසාර්ථක පාලකයෙකු ලෙස තමා ඉවත්ව නොයන බවද ඔහු ප්‍රකාශ කළා. ඒ විදෙස් මාධ්‍ය ආයතනයක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.
කෙසේ වෙතත් තමා යළිත් මැතිවරණයකට ඉදිරිපත් වන්නේ නැති බවද ජනාධිපතිවරයා අදාළ විදෙස් මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කළා.
තමා ජනාධිපති ධූරයෙන් නෙරපා හරින ලෙස ඉල්ලා මාස දෙකකට ආසන්න කාලයක් පුරා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වීදි විරෝධතා පැවතියද තම ධුර කාලය අවසන් වන තුරු ධූරයෙන් ඉවත් වන්නේ නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.



