අගමැති සහ IMF ප්‍රධානියා අතර දුරකථන සංවාදයක්

Share

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සමඟ ඊයේ (08) සවස දුරකථන ඔස්සේ සාකච්ඡාවක් පවත්වා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායමට හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසත් එවිට කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අවසන් කිරිමට හැකි බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

මෙම දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාවට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය කැමැත්ත පළ කර ඇත.

Read more

Local News