QR ඉන්ධන ලබා දීම සාර්ථකව ඉදිරියට

Share

QR ක්‍රමය යටතේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ඊයේ ආරම්භ කෙරුණා.

ඇතැම් ප්‍රදේශවල QR ක්‍රමය යටතේ ඉන්ධන බෙදාහැරීම සාර්ථකව සිදු වූ බවයි ජනතාව පවසන්නේ.

නමුත් සමහර ප්‍රදේශ QR අසාර්ථක බවට ජනතාව චෝදනා කරනවා.

මේ අතර කොලොන්නාව නිමාව තෙල් පර්යන්තයෙන් අද ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු සාර්ථකව සිදු කෙරෙනවා.

ඉන්ධන ලබාගත් සහ ලබා ගැනීමට පැමිණි බවුසර් රථ විශාල ප්‍රමාණයක් එම ස්ථානයේ තිබෙනු දක්නට ලැබුණා.

ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන දුම්රියද අද දින නියමිත වේලාවට ධාවනය වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

Read more

Local News