රටවල් 7කින් ලංකාව ගැන ජගත් මානව හිමිකම් සැසිවාරයට යෝජනා කෙටුම්පතක්

Share

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන පනස් එක් වන ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් කෙටුම්පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම, සංහිඳියාව හා වගවීම ඇතුළු කරුණු රාශියක් මූලික කරගනිමින් මෙම කෙටුම්පත සකස් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඇමරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් හතක සහභාගීත්වයෙන් යුතුවයි මෙම කෙටුම්පත සකස් කර ඇත්තේ. අදාළ කෙටුම්පතේ යෝජනා දහඅටකට ආසන්න සංඛ්‍යාවක් අන්තර්ගතව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පනස් එක් වන සැසිවාරය ජිනීවා නුවරදී ආරම්භ වුණේ පසුගිය දොළොස් වනදායි.

එහිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා. මානව හිමිකම් කවුන්සිලයේ වැඩබලන මහකොමසාරිස්, නාඩා අල් නෂීස්, ඉදිරිපත් කරන ලද මෙම වාර්තාවේදී, මෙරට ආර්ථික අර්බුදය හමුවේ, ලක් ජනතාවගේ මූලික අයිතිවාසිකම් වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු අවධාරණය කෙරුණා.

ත්‍රස්ත මර්දන පනත භාවිතා කරමින් සිදුකරන ලද නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් පිළිබඳවද මෙහිදී අවධාරණය කෙරුණු අතර යුධ අපරාධ මෙන්ම අතුරුදන් සම්බන්ධයෙන් මෙතෙක් නිසි ක්‍රියා මාර් ග ගැනීමට රජය ප්‍රමාද වීම සම්බන්ධයෙන් ද මානව හිමිකම් කොමිසම දැඩි අවධානයෙන් පසුවන බවටද එහිදී සඳහන් කර සිටියා.

Read more

Local News