සපුගස්කන්ද තෙල් පිරිපහදුවට මේ වන විට පිරිපහදු කටයුතු සඳහා ලැබෙන බොරතෙල් නිසි ප්‍රමිතියකින් නොමැති බව ඉංජිනේරුවන් පෙන්වා දී තිබෙනවා. මේ හේතුව නිසා ඩීසල් නිෂ්පාදනය සියයට විසි දෙකකින්ද ගෑස් නිෂ්පාදනය සියයට අසුවකින්ද භූමිතෙල් නිෂ්පාදනය සියයට අසූවකින්ද පහත වැටී ඇති බවයි ඉංජිනේරුවන් පෙන්වා දී ඇත්තේ.
ලැබෙන බොරතෙල්වලින් සියයට හැත්තෑවක්ම නිපදවන්නේ දැවි තෙල් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර මෙරටට පැමිණ තිබෙන බොරතෙල් නෞකාවේ ඇති බොරතෙල් වලද නිසි ප්‍රමිතියක් නොවන බව ඉංජිනේරුවන් පෙන්වා දී තිබෙනවා.
මේ අතර මෙරටට පැමිණෙන ඉන්ධන නෞකාවලට ප්‍රමාද ගාස්තු ගෙවීම සම්බන්ධයෙන් රට තුළ ආන්දෝලනාත්මක තත්වයක් උද්ගත වී තිබෙනවා. දැනට මෙරටට පැමිණ ඉන්ධන නෞකා සඳහා රජය ප්‍රමාද ගාස්තු ගෙවන්නේ නැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළද දැනටමත් ඩොලර් ලක්ෂ තිස් තුනකට අධික ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවා ඇති බවයි සමගි ඒකාබද්ධ සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ප්‍රකාශ කරන්නේ.



