කොවිඩ් එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක්

Share

කොවිඩ් මර්දන තෙවන, සිව්වන බූස්ටර් එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ඉදිරි සති අන්ත කිහිපය තුල දිවයින පුරා ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ් අනුව සැප්තැම්බර් 17 සහ 24 සහ ඔක්තෝබර් 1 සහ 8 යන සති අන්ත 04 තුළ මෙම වැඩපිළිවෙල දිවයින පුරා සැම ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හා රෝහල් හි පැවැත්වේ.

මෙම එන්නත් වැඩසටහන තුල වයස අවුරුදු 20 සහ ඊට වැඩි වැඩිහිටියන් සඳහා පළමු සහ දෙවන බූස්ටර් මාත්‍රාත්, වයස අවුරුදු 12-19 අතර ළමුන් සඳහා පළමු සහ දෙවන එන්නත් මාත්‍රාත් ලබාදී ඇති බවට තරවුරු කර ගැනීමෙන් අනතුරුව බූස්ටර් එන්නත් ලබාදීමද සිදු කෙරේ.

Read more

Local News