1952 – 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙසද කටයුතු කළ, දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් අද (19) ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ.
දෙවන එළිසබෙත් මහරැජිණගේ රාජකීය අවමංගල උත්සවය යෙදෙන අද (සැප්.19 දින )මෙලෙස ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර මෙම ශෝක දිනය වෙනුවෙන් රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පසුගිය දා නිවේදනය කළේ ය.



