පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය හෙට සිට විවෘතයි

Share

පාර්ලිමේන්තුව නැරඹීම සඳහා මේ දක්වා මහජනතාවට පනවා තිබූ සීමාවන් හෙට (20) දිනයේ සිට ලිහිල් කර තිබේ.

ඒ අනුව හෙට දිනයේ සිට පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය විවෘත කෙරෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේය.

රැස්වීම් නොපැවැත්වෙන දිනවල පෙරවරු 09.30 සිට පස්වරු 03.00 දක්වා පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අවසර ලබාදී ඇති බව සඳහන්ය.

Read more

Local News