Home දේශීය පුවත් වෙරළ පවිත්‍රතා වැඩසටහනේ ප්‍රධාන උත්සවය අද

වෙරළ පවිත්‍රතා වැඩසටහනේ ප්‍රධාන උත්සවය අද

0
වෙරළ පවිත්‍රතා වැඩසටහනේ ප්‍රධාන උත්සවය අද

අන්තර් ජාතික වෙරළ පවිත්‍රතා වැඩසටහනට සමගාමීව ගම්පහ දිස්ත්‍රික් වෙරළ පවිත්‍රතා වැඩසටහනේ ප්‍රධාන උත්සවය අද  (21) පෙරවරුවේ මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වීමට නියමිතය.

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මූලිකත්වයෙන් සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මීගමුව හා වත්තල ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලවල සහයෝගයෙන් මෙම වැඩසටහන පැවැත්වේ.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here