ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟයෙන් ලකුණු 33 ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 188 ක් ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ ලබා ගැනීමට හැකිවූයේ කඩුලු 5 ක් දැවී ලකුණු 155 ක් පමණයි.