2022 කාන්තා ආසියානු T20 ශූරතාවය දිනාගැනීමට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවන් අද (15) සමත් වුණා. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව කඩුළු 08ක ජයක් ලබමින්.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 09ක් දැවී ලකුණු 65ක් රැස් කළා.
ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ලකුණු සංඛ්‍යාව 66ක් වූ අතර ඔවුන් පන්දුවාර 8යි පන්දු 03ක් තුළ නියමිත ඉලක්කය හඹා ගියා.