ග්ලයිෆොසේට් තහනම ඉවතට

Share

රජය විසින් පනවා තිබූ ග්ලයිෆොසේට් සඳහා වූ තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මීට අදාළව ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලයට භාරදුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ සඳහන් කළා.

විෂයභාර අමාත්‍යවරයා මහින්ද අමරවීර කියා සිටියේ ග්ලයිෆොසෙට් තහනම ගැන වගකිව යුතු පාර්ශව රැසකගෙන් කළ විමසීමකින් අනතුරව මෙම තීරණයට එළඹි බවයි.

Read more

Local News