ප්‍රවීණ රංගන ශිල්පී ඇල්ෆ්‍රඩ් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Share

එමෙරට අතිශය ජනාදරයට පාත්‍ර වූ ප්‍රවීණ රංගන ශිල්පියෙක් මෙන්ම ගුවන් විදුලි නිවේදකයෙකු ද වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති නිවේදකයෙකු වශයෙන් ඒ මහතා දීර්ඝ කාලයක් කටයුතු කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එසැන භාෂා පරිවර්තකයෙකු ලෙස ඔහු දීර්ඝ කාලයක් කටයුතු කළ අතර, පිලිපීනයේ මැනිලා නුවර වෙරිටාස් ගුවන් විදුලි සේවයේ සිංහල අංශය භාරව කටයුතු කර තිබේ.

චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායකත්වය දැක්වු ඔහු ටෙලිනාට්‍ය කිහිපයක ද රඟපෑවේය.

ඒ මහතා මියයන විට 93 වන වියේ පසුවුණි.

Read more

Local News