ගුරු වෘත්තිය සඳහා බඳවාගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්

Share

ගුරු වෘත්තිය සඳහා මින් ඉදිරියට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

ඒ අනුව විද්‍යා පීඨ 19 එකතු කර නිර්මාණය කරන ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය හරහා අවුරුදු 4 ක උපාධිය හා ගුරු පුහුණුවෙන් පසු පාසල් පන්ති කාමරයේ ඉගැන්වීම් කටයුතු සඳහා යොමුකරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

ගුණාත්මකභාවයෙන් යුත් ගුරුවරයෙක් මෙතැනින් වසර 4 කට පාසල් වෙත යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News