කිසිදු මාධ්‍යයක් මර්ධනය කිරීමට රජය සූදානම් නෑ

Share

කිසිදු මාධ්‍යයක් මර්ධනය කිරීමට රජය සූදානම් නැතැයි ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසිය.

2023 අයවැය කාරකසභා අවස්ථාවේ පස්වන දිනය වන අද (28) ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහෙත් අන්තර්ජාතික වශයෙන් රටේ ප්‍රතිරූපයට විශාල හානියක් පසුගිය සමයේ සිදු වූ බවත් එය නිවැරදි කිරීම වෙනුවෙන් මාධ්‍යයට විශාල වගකීමක් ඇතැයිද ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.

උසස් මාධ්‍ය සංස්කාතියක් ඇති කිරීමේ වැඩපිළිවෙළ තවත් පුළුල් ලෙස සංවාදයට ලක් කර ස්වයං පාලනයක් සහ මාධ්‍යවේදින්ගේ වෘත්තීමය තත්වය ඉහළට ගෙන ඒම සඳහා ද රජය කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News