පරිසර හිතකාමී පොදු ප්‍රවාහන ප්‍රතිපත්තියක් වෙනුවෙන් රජය ක්‍රියා කරනවා- ප්‍රවාහන අමාත්‍ය

Share

පරිසර හිතකාමී පොදු ප්‍රවාහන ප්‍රතිපත්තියක් වෙනුවෙන් රජය ක්‍රියා කරන බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසිය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව් පැවසීය

ඒ අනුව පරිසර හිතකාමී විදුලි දුම්රිය ඇතුළු විදුලි වාහන වැඩි වශයෙන් ප්‍රවාහන පද්ධතියට එක්කර ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවේ, ප්‍රවාහන අමාත්‍යංශයේ නව ව්‍යාපෘති ආරම්භ කිරීමේ බලාපොරොත්තු නොමැති බවයි. එහෙත් දැනට අතරමග නැවතී තිබෙන ව්‍යාපෘති හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත්, අද තිබෙන ව්‍යාපෘතියක් තවත් වසර කිහිපයකින් සිදු කිරිමට යාමේදී විශාල වියදමක් දැරීමට සිදුවන බවද පෙන්වා දුන්නේය.

Read more

Local News