අතිසුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් අද (29) කොළඹ වරායට පැමිණ තිබෙනවා.
“මේන් ෂෙෆ් ෆයිව්” නම් එම නෞකාව ප්‍රථම වතාවට මෙරටට පැමිණෙන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මගීන් 2030ක් සහ කාර්ය මණ්ඩලයේ සේවකයින් 945ක් නෞකාවේ සිටින අතර මගීන්ගෙන් බහුතරය යුරෝපීයන් බව වාර්තා වේ.



