ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය ඉහළ නැංවීමට නම් දැනට භාවිත කරන සම්ප්‍රධායික කෘෂි දැනුම වෙනුවට නව කෘෂි තාක්ෂණය භාවිත කළ යුතු යැයි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය පවසනවා.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයෙන් නියෝජිතයින් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අතර පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍ර පිළිබඳව අමාත්‍ය මහින්ද අමරවීර කරුණු පැහැදිලි කළ අතර අපේ රටේ වී වගාව මෙන්ම අනෙකුත් බෝග වගාවන් සඳහා ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන නමුත් තවමත් එක් එක් අංශවලින් ස්වයං පෝෂිත මට්ටම දක්වා පැමිණීමට අපහසු වී ඇති බවයි අඅමාත්‍යවරයා පවසා ඇත්තේ.
විශේෂයෙන් ලෝකයේ සෙසු රටවල කෘෂිකර්ම, යැපුම් මට්ටම ඉක්මවා ජාත්‍යන්තර වෙළඳපොල දක්වා පුළුල්ව ඇති නමුත් අප රටේ පහසුවෙන් වගා කළ හැකි ඇතැම් බෝග වර්ග පවා තවමත් පිටරටින් ආනයනය කිරීමට සිදුව ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
එම නිසා අපේ රටේ ගොවි ජනතාවට නව කෘෂිකර්ම තාක්ෂණය හඳුන්වා දීම සඳහා සහයෝගය ලබාදෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් සිදු කළා.
ඊට ප්‍රතිචාර දක්වමිනුයි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ නියෝජිතයින් ලෝකයේ දියුණුම කෘෂි තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට තීරණය කර ඇත්තේ.
ශ්‍රී ලංකාවේ කෘෂි අංශය නවීකරණය සඳහා මෑතකදී ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බවයි ඔවුන් පවසා ඇත්තේ.



