පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇතිකළ ඕමාන් රාජ්‍යයේ මිනිස් ජාවාරම හා සම්බන්ධ සිදුවීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ උපදෙස් පරිදි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිස් (10 දින) ඕමානය බලා පිටත්ව ගියේ ය.
මෙම පිරිසට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී වරයෙකු, විමර්ශන නිළධාරීන් තිදෙනෙකු හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයෙකු හා කාන්තා උපපොලිස් පරීක්ෂකවරියක ඇතුළත් වේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝණය කර විදේශගත කිරීම, මිනිස් ජාවාරම් ගැන පසුගිය දිනවල වාර්තා වූ සිදුවීම් පිළිබඳව මෙහිදී විශේෂයෙන් විමර්ශනය කිරීමට නියමිත වේ.



