සේනා දළඹු මර්දනයට පරපෝෂිතයෙක්

Share

බඩ ඉරිඟු වගාවට හානි කරන සේනා දළඹුවා මර්දනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පරපෝෂිතයකු හඳුනාගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

වසර තුනක් තිස්සේ කළ පර්යේෂණවලින් පසුව ස්වභාවික පරිසරයේ වර්ධනය වන මෙම TELENOMUS REMUS නම්වූ පරපෝෂිතයා හඳුනගෙන තිබේ.

මෙම පරපෝෂිතයා සේනා දළඹු බිත්තර විනාශ කරන අතර එමගින් දළඹුවාගේ ව්‍යාප්තියට බලපෑම් ඇති කරනු ලබයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ තාක්ෂණික අධ්‍යක්ෂ අනුර විජේතුංග පවසන්නේ මේ වනවිට බඩඉරිඟු වගාවෙන් සියයට 10-15ත් අතර ප්‍රමාණයක සේනා දළඹුවා දක්නට ලැබෙන බවයි.

එබැවින් බඩඉරිඟු වගාවට මාසයක් පමණ කල් පිරෙන තෙක් වගාව හොඳින් රැක බලා ගැනීම සිදු කළ යුතු බව ඒ මහතා අවධාරණය කරයි.

සේනා දළඹු හානිය නිරීක්ෂණය වූ වහාම රසායනික ද්‍රව්‍ය නොයොදන ලෙසත්, එමගින් තාවකාලිකව හානිය අවම වුවත්, ස්වාභාවික විලෝපිතයන් මරණයට පත්වීමෙන් සේනා දළඹුවා කිහිප ගුණයකින් වර්ධනය වීම නිසා බඩඉරිඟු වගාවට හානි කරවිය හැකි බවත් ඒ මහතා පෙන්වා දේ.

පසුගිය දිනවල පැවැති වියලි කාලගුණය නිසා සේනා දළඹු හානිය ඉහළ ගොස් ඇතත් වර්ෂාව සමග එම හානිය මර්දනය වේ.
එසේම මෙම පරපෝෂිතයා සේනා දළඹුවාගේ ව්‍යාප්තියට සමගාමීව වර්ධනය විය යුතු බවත්, තවදුරටත් ඒ සම්බන්ධව පර්යේෂණ පවත්වන බවත් විජේතුංග පැවසීය.

Read more

Local News