මැලේසියාවේ රැකියා දෙන බවට මුදල් වංචා කළ කාන්තාව අත්අඩංගුවට

Share

සංචාරක වීසා මඟින් මැලේසියාවේ රැකියා ලබාදීමට පුද්ගලයින් 09 දෙනෙකුගෙන් රු 5,015,000ක මුදලක් ලබා ගෙන විමර්ශන නිලධාරින් මගහැර සැඟව සිටි තංගල්ල ප්‍රදේශයේ කාන්තාවක් විදේශසේවා වමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සංචාරක වීසා මඟින් මැලේසියාවට යාම සඳහා පසුගිය 4 වන දින ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී ඔවුන්ගේ ලේඛන පිලිබඳව සැක සිතූ විදේශසේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් ඔවුන්ගෙන් වැඩිදුර කරුණු විමසීමේදී ඔවුන් සංචාරක වීසා මඟින් මැලේසියාවේ රැකියා සඳහා යන බව තහවුරු කරගත් අතර, ඔවුන්ගේ විදේහගතවීම වලකා ඔවුන් විදේශසේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ නිළධාරීන් වෙත භාර දෙන ලදි.

විමර්ශන නිළධාරීන් ඔවුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් අතර, එහිදී අනාවරණය වී ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ කාන්තාවකට මුදල් ගෙවා මෙලෙස විදේශගත වීමට වීසා ගෙන්වා ගත් බවයි.

Read more

Local News