මැන්ඩවුස් නිසා ඉන්දියාවට විශේෂ නිවාඩු දිනයක්

Share

ලංකාවට බලපෑ මැන්ඩවුස් සුළි කුණාටුව මේ වන විට තමිල්නාඩුවට ඇතුළු වී තිබෙනවා.

මේ හේතුවෙන් තමිල්නාඩුවේ බොහෝ ප්‍රදේශවලට අධික වැසි ඇද හැලෙන බවයි වාර්තා වන්නේ.

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේම මැන්ඩවුස් සුළි කුණාටුවෙන් ඇතිවී තිබෙන දැඩි හානි සැලකිල්ලට ගෙන තමිල්නාඩු රජය, පාසල් සහ විශ්ව විද්‍යාල ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතන සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read more

Local News