පොල්ගහවෙල දුම්රිය මාර්ගය අසල පොල්ගහවෙල – කෑගල්ල දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සඳහා එම දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දෙසැම්බර් මස 15 වන දා උදෑසන 7.00 සිට දෙසැම්බර් මස 18 වන දා සවස 6.30 දක්වා අදාළ මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අත්හිටුවන බවයි සඳහන් වන්නේ.




