සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු 16 වනදා සිට යළි ඇරඹේ

Share


සපුගස්කන්ද තෙල් පිරිපහදුව මෙම මස 16 වනදා සිට නැවත ආරම්භ කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව පූර්ණ ධාරිතාවයකින් යුතුව පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ.

මර්බන් නැමති ආනයනික බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000 ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති අතර එයට අවශ්‍ය ගෙවීම් නිම කර මේ වන විට ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

news images

Read more

Local News