මිලියන 60 කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

Share

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දෙසැම්බර් 15 සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 181 කට අධික තොගයක් (‍තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වූ මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 60 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, කේරළ ගංජා සමඟ නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 29 ක් වන සැකකරු යාපනය, පාසූර් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගත් අතර, එම සැකකරු, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මූලස්ථාන පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.

Read more

Local News