මේ වන විට අයිස් මාරයා අපේ දරු පරම්පරාව තමන්ගේ ගොදුරක් බවට පත් කර ගනිමින් සිටිනවා.
අයිස් මත්ද්‍රව්‍යට පාසල් සිසුන් මෙන්ම සිසුවියන්ද විශාල වශයෙන් ගොදුරු වෙමින් සිටින බවටයි තොරතුරු අනාවරණය වන්නේ.
මේ අතර ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේ අයිස්වලට යොමු වූ පාසල් සිසු සිසුවියන් අසූ එක් දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බවයි.
මේ වන විට අයිස් මත්ද්‍රව්‍ය පාසල් තුලට පැමිණීමත් සමග විශේෂ සෝදිසි මෙහෙයුම් රට පුරා ආරම්භ කර තිබෙනවා.
ඊට සමගාමීව කළුතර අධ්‍යාපන කලාපයේ පාසල් පරික්ෂා කිරීම අද ආරම්භ කෙරුණා.



