ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වෙයි

Share


05 වසර ශිෂ්‍යත්ව විභාගය හෙට (18) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2894 කදී සිසුන් 334,698 දෙනෙකු විභාගයට ඉදිරිපත් වීමට නියමිතව තිබෙනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවරට‍ වෙනස් ආකාරයකින් පැවැත්වීමට නියමිතව තිබෙන අතර එහිදී දෙවන ප්‍රශ්න පත්‍රය පළමුව ලබාදීමටත්, පළමු ප්‍රශ්න පත්‍රය දෙවනුව ලබාදීමටත් නියමිතයි.

Read more

Local News