පාසල් ආශ්‍රිතව කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී 75ක් අත්අඩංගුවට

Share

බස්නාහිර පළාතේ පාසල් ආශ්‍රිතව සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමකදී පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ පාසල් 122ක් ආශ්‍රිතව සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

එහිදී මාවා කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 148ක්, හෙරොයින් ග්‍රෑම් 09යි මිලිග්‍රෑම් 375ක්, අයිස් ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 522ක් සහ මත්පෙති 10ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ‍්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව අදාළ මෙහෙයුම් සිදුකර ඇති අතර බස්නාහිර පළාතේ පාසල් ඉලක්ක කරගනිමින් ඉදිරියටත් වැටලීම් සිදුකරන බව පොලිස් හදිසි ඇමතුම් අංශය පැවසීය.

Read more

Local News