ආපදාවට පත් මියන්මාර් ජාතිකයින් 104 ක් මුදා ගැනීමට නාවික හමුදා සහය

Share

මියන්මාරයේ සිට ඉන්දුනීසියාව දක්වා මියන්මාර් ජාතිකයින් 104 ක් ප්‍රවාහනය කරමින් තිබූ මගී ප්‍රවාහන යාත්‍රාවක් එහි ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්වී, වෙත්තලකේනි ප්‍රදේශයට නාවික සැතපුම් 3.5 ක් පමණ උතුරු දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයට 2022 දෙසැම්බර් මස 17 වන දින රාත්‍රියේ අනවසරයෙන් පැමිණ ඇති අතර, එම මගී ප්‍රවාහන යාත්‍රාවේ සිටි මියන්මාර් ජාතිකයන් 104 ක් නිරුපද්‍රිතව මුදාගැනීමට (2022 දෙසැම්බර් 18) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, මුහුදේ රළු ස්වභාවය හමුවේ මහත් පරිශ්‍රමයක් යොදා ආපදාවට පත් යාත්‍රාවෙන් නාවික හමුදාව මඟින් නිරුපද්‍රිතව මුදාගත් මියන්මාර් ජාතිකයින් 104 දෙනෙකු මේ වන විට කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් මානුෂීය ආධාර ලබාදීමට කටයුතු කරන ලද අතර, එම පිරිස ඉදිරි කටයුතු සඳහා අදාල පාර්ශ්වයන් වෙත යොමු කිරීමට නියමිතව ඇත.

Read more

Local News